මේ දවස් වල ගොඩක් අය ගෙදරට වෙලා ඉන්න නිසා, අලුතෙන් යමක් ඉගෙන ගන්නවා, පොතක් පතක් කියවනවා නැතිනම් Youtube Video එකක් හදනවා වගේම blogs වගේ දේවල් ලියන්න පුරුදු වෙලා ඉන්නවා. ඔයා personal blog එකකට හරි business එකකට හරි domain name එකක් සහා hosting එකක් අරන් website එකක් හදන්න යනවා නම් මේ post ඒකෙන් කතා කරන්නේ කොහොමද නොමිලේ Google Cloud එකෙන් දෙන US Dollar 300ක් වටිනා free tier එකට wordpress install කරලා වෙන hosting ගන්නේ නැතුව domain name එකක් අරන් විතරක් website එකක් හදා ගන්නේ කියලා.

Part 1 එකෙන් අපි කතා කරන්නේ
1.1. Google Cloud Platform (GCP) එකේ account එකක් හදාගන්න හැටි
1.2. Domain name එකක් ගන්න හැටි
1.3. GCP එකේ project එකක් හදාගන්න හැටි
1.4. WordPress Install කරන හැටි

1.1 Google Cloud Platform (GCP) එකේ account එකක් හදාගන්න හැටි

මේ වැඩේ හරි ලෙහෙසි.

සැ.යු : ඔයා sign up වෙනකොට free tier එක activate කරන්න Google Cloud එකෙන් ඔයාගේ debit/ credit card විස්තර ඉල්ලනවා. Free tier USD 300 credits ටික ඉවර වෙලා ඔයාට එක දිගටම service එක ඕනේ නම්, ඔයාට පුලුවන් Google Cloud Platform එක හරහා card එකෙන් charge කරලා දිගටම පවත්වා ගන්න. Free Tier එකේ USD 300 credits අවුරුද්දක් තියෙනවා පාවිච්චි කලේ නැතිනම්. මේ වැඩේට අපිට​free credits පාවිච්චි වෙනවා ඒත් අවුරුද්දක් විතර නොමිලේ website එක පවත්වාගෙන යන්න පුලුවන්.

පියවර​
* ඔයාගේ Gmail Account එකට login වෙන්න​
* console.cloud.google.com එකට යන්න
* Register වෙන්න. උඩ දකුණු කෙලවරේ තියෙන activate කියන button එක ඔබන්න. විස්තර දීලා sign in කරන්න.

1.2 Domain Name එකක් ගමු

ඔයාට කැමති domain name එකක් GoDaddy.com, namecheap.com වගේ website එකකින් ගන්න පුලුවන්. ඔයාට ඕනේ .lk (Country level domain) වගේ නම් domains.lk හරහා ඔයාට මිලදි ගන්න පුලුවන්. .dev වගේ අලුතින් ආපු domain එකක් ගන්නවා නම් Google Domains හරහා ගන්න පුලුවන්.

1.3 Google Cloud එකේ Project එකක් හදාගමු

Project එකක් කියන්නේ Google Cloud Platform එක ඇතුලේ මොකක් හරි කරන්න යන වැඩකට අදාලව resources organize කරන්න පුලුවන් මූලික ක්‍රමය. අපේ වැඩේටත් project එකක් හදාගන්න ඕනේ. පහල තියෙනවා පියවර ටික​.

  • console.cloud.google.com ලින්ක් එකට යන්න
  • උඩ My first project කියන තැන එහා පැත්තේ ඊතලේ උඩ click කරන්න. දැන් New Project එක උඩ click කරන්න​
  • කැමති නමක් දෙන්න project එකට(පස්සේ මාරු කරන්න බැහැ). GSuite Organization එකක් තියෙනවා නම් ඒක select කරන්නත් පුලුවන් (optional)
  • තත්පර කිහිපයකින් ඔයාගේ project එක හැදිලා ඉවරයි

1.4 WordPress Install කරගමු

පහල පියවර ටික හරියට අනුගමනය කරන්න​

  • APIs and Services වල library කියන එක click කරන්න​
  • Search bar එකේ “Cloud Deployment Manager API” කියල type කරලා search කරන්න. ​
  • Cloud Deployment Manager V2 API උඩ click කරන්න. Enable එක click කරන්න​.
  • වම් පැත්තේ pane එකේ Marketplace කියන service එක උඩ click කරන්න​
  • Search bar එකේ “WordPress Bitnami” කියලා කරන්න.
  • Search results 4ක් එයි (19/05/2020)​. එකෙන් “WordPress Certified by Bitnami and Automattic” කියන එක උඩ click කරන්න​. (මාසෙකට USD 13.61 අය වෙනවා ඒත් ඒගාන free credits වලින් charge වෙයි)
  • Launch එක උඩ click කරන්න​.
  • Deployment name එකට ඔයා කැමති නමක් දෙන්න​. අනිත් settings ඔයාට ඕනේ නම් වෙනස් කරන්න පුලුවනි. ඕනේ නැතිනම් එහෙම්මම තියලා එක deploy button උඩ click කරන්න​
  • Deployment එක deployment manager එක ඇතුලේ වෙනවා ඔයාට පෙනෙයි. Deployment එක උනාට පස්සේ ඔයාට ඔයාගේ wordpress site එකේ ලින්ක් එක IP address එකක් විදිහට පෙනෙයි.

මේ blog එකේ Part 2 එකෙන් අපි බලමු කොහොමද Cloud DNS හදාගන්නේ, nameservers මාරු කරන්නේ කොහොමද, ඔයාගේ domain name එක wordpress IP address එකට connect කරන්නේ කොහොමද සහා wordpress එකේ ඉතුරු පොඩි දේවල් ටික හදාගන්නේ කොහොමද කියලා.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0